සීතාවක/අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලබන 15 වනදා ආරම්භ කෙරෙනවා.
කොවිඩ් වසංගතය සමඟින් රටෙහි ආර්ථීක අස්ථාවරත්වය හමුවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නඟා සිටුවීම සඳහා බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය ‘සීතාවක ඔඩිසි’ ලෙසයි නම් කර ඇත්තේ.
මේ යටතේ සීතාවක අවිස්සාවේල්ල සංචාරක කලාපයේ පවතින සංචාරක විභාවතාවයන් උපයෝගී කරගනිමින්
තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරෙනු ඇති.
මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ මුලික පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මකයි.
ඒ යටතේ ‘සීතාවක ඔඩිසි’ දුම්රියේ සමාරම්භක ගමන්වාරය 15 දින පෙ.ව.6.30 ට ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මහජනතාවට විවෘත කරනු ලබනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එම ගමන්වාරය පෙරවරු 7 ට ආරම්භ කිරීමට නියමිතයි.
අවිස්සාවේල්ල වග දුම්රිය ස්ථානයට පැමිණෙන සංචාරකයන් පිළිගැනීමේ උත්සවය පෙරවරු 9.30 ට පැවැත්වෙන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සඳහන් කළා.
අනතුරුව එම සංචාරකයන් පිරිස ලබුගම / කලටුවාව ජලාශ වෙත යොමු කර එහි ක්‍රියාකාරකම් කිහිපයක් ද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
සීතාවක තෙත්බිම් උද්භිත උද්‍යානය නැරඹීම සඳහා ද සංචරකයන් ට අවස්ථාව හිමිවන අතර පස්වරුවේ සංස්කෘතික වැඩසටහනක් ද පැවැත්වෙනවා.
බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා සඳහන් කළේ ‘සීතාවක ඔඩිසි’ දුම්රිය සංචාරක පිරිස ට පස්වරුවේ යළි එම දුම්රියෙන් කොළඹ බලා පැමිණිය හැකි බවයි.
උණුසුම් පුවත්
- මිහින්තලේ පාකිංවලට ටිකට් කඩන්න ඇවිත් ගිනි විජ්ජුම්බරයයි
- බස්නාහිරට නව ප්‍රධාන ලේකම්වරයෙක්
- මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට
- යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
- බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කරයි
- පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට එරෙහිව ගම්වාසීන්ගේ විරෝධය
- යතුරු පැදිය උස්සා පැය කිහිපයක් තුළ බඩුත් එක්කම සොරා අල්ලා ගනියි
- දේව පූජාවට තැබූ අඹ ගෙඩි දෙකකට ලක්ෂ අටකට ආසන්න මිලකට විකිණෙයි