මහජන නියෝජිතයින් ලෙස පත්වීම් ලබා, සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් වශයෙන් වැඩ ආරම්භ කළ මහජන නියෝජිතයින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශයක් කර තිබෙනවා.
ඔහු පවසන්නේ, නව නියෝජිතයින්ට තම කාර්යයන් නිසි පරිදි ඉටු කිරීමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම ප්‍රධාන බාධාවක් බවයි.
මහජන නියෝජිතයින් ලෙස පත්වීමෙන් පසු සැබෑ අභියෝගය වන්නේ වැඩ කරන්නේ කෙසේද යන්න බව ඔහු පෙන්වාදෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“දැන් මහජන නියෝජිතයින් හැටියට පත් වෙලා, සභාපතිවරු, නගරාධිපතිවරුන් විදිහට වැඩ පටන් අරන් ගියාට පස්සේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද වැඩ කරන්නේ කියන එක. ඇයි? වැඩ කරන්න බලනකොට යන්න එන්න වාහනයක් නෑ.සභාපතිට යන්න වාහනයක් නෑ, ලේකම්ට යන්න වාහනයක් නෑ. ඉතින් මේ ඔක්කොටම උත්තර හොයන්න ඕනේ. ඉතින් පහුගිය කාලයේ අපි අත්පුඩි ගගහා රතිඤ්ඤා පත්තු කරාට දැන් තමයි තේරෙන්නේ. දැන් තමයි ප්‍රතිපල එන්නේ.”













