2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා
2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1ක් වනවා.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,533.7 හා සැසඳීමේ දී මෙය සියයට 4.9%ක වර්ධනයක් බවයි.
මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දහ නව ලක්ෂ 72,957ක් වනවා.
ඒ අතරින් සංචාරකයින් 443,622ක් ඉන්දියාවෙන්, 180,59ක් එක්සත් රාජධානියෙන්, 144,308ක් රුසියාවෙන්, 123,053ක් ජර්මනියෙන් සහ 115,400ක් චීනයෙන් පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
නොවැම්බර් මාසයේ 01 වනදා සිට 12 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,270ක් බවද එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරනවා.
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














