යාපනය අර්ධද්වීපයේ දූපත් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සමුද්‍ර ප්‍රවාහන සේවා සපයන බෝට්ටුවල ගුණාත්මකභාවය සහ ආරක්ෂක විධිවිධාන අඛණ්ඩව නිරීක්ෂණය කරන ලෙස පොලිසියට සහ නාවික හමුදාවට දැනුම් දී ඇති බවයි.
ඩෙල්ෆ් සිට කූරිකට්ටුවාන් දක්වා දේශීය සංචාරකයන් පිරිසක් රැගෙන ගිය බෝට්ටුවක් පෙරලී එහි සිටි 14 දෙනෙකු අනතුරට පත්වීමේ සිද්ධියත් සමග මෙම වැඩපිළිවෙල ආරම්භ කල බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ.