උඩවලව, දෙමටගල, සංඛපාල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
උඩවලව පොලිසිය කියා සිටියේ පොලිස් නිලධාරීන්, යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කළ බවයි.
ගින්නෙන් අක්කර තිහක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.