යුරෝපයට යාමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 200 ක් පමණ රැගත් බෝට්ටුවක් ගැම්බියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් බෝට්ටුවේ ගමන් ගත් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය 31 වන දා මධ්‍යම රාත්‍රියේ උතුරු ඉවුර කලාපයේ ජිනැක් ගම්මානය අසලදී මෙම බෝට්ටු අනතුර සිදුව තිබෙනවා.
මේ වන විට අනතුරට පත් බෝට්ටුවේ සිටි පුද්ගලයින් අනූ හය දෙනෙකු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් කරන්නේ.













