බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පවුලට අයත් ඩකා හි පිහිටි නිවස ගිනි තබා විනාශ කර තිබෙනවා.
මෙලෙස ගිනි තබා ඇත්තේ ඇගේ පියා වන නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසයි.
හසීනාගේ අවසරයෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ මේ නිවස ගිනි තබා තිබුණේ හසිනා පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසක්.
පසුගිය අගෝස්තු මාසයේදී ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතා අතරතුර පලාගිය ෂෙයික් හසීනා මේ වන විට ඉන්දියාවේ රැඳී සිටිනවා.