ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවගියේ 62 වැනි තරගය ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 34න් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 188ක් රැස් කළා.
මෙම තරගයට ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 7දී නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 09ක්.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් පන්දු 58දී ලකුණු 101 රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 30ට කඩුළු 05ක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.