2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.
ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැදි ඔස්සේ ප්‍රතිඵල පරික්ෂා කරගත ගත හැකියි.
ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එක් එක් දිස්ත්‍රික් සඳහා කඩඉම් ලකුණු වී නිව්ස් එල්.කේ අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට දැනගත හැකියි
මෙම වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් වුණා.
මෙවර ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 2 31,638ක් සුදුසුකම් ලබා සිටි අතර දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලබා සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313ක්.
අනුව සම්පූර්ණ අයදුම්කරුවන් 3 07,951 දෙනෙකු විභාගය සදහා පෙනී සිටියා.