අගෝස්තු මස 10 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අගෝස්තු මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම. උක්ත විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම තහනම් බවයි.
එසේම විශාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබාගැනීම සපුරා තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සඳහන්.
අගෝස්තු මස 10 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787කදී පැවැත්වීමට නියමිතයි.