හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයා වාර්තා වන්නේ.
ඔහු ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමේ සහ මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයකු වනවා.
මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල ප්‍රදේශයේදී බවත් වාර්තා වනවා.
ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඇති ජාතික සම්පත් බරපතල ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙනි.