පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත් වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා.
අදාළ නියෝග ජාතික පොලිස් කොමිසමේ හෝ පොලිස්පතිවරයාගේ සැලකිල්ලට භාජනය කර නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ.
කෲර වධ හිංසන සිද්ධියකට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට කැඳවූ අවස්ථාවේදි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළා.