ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීමේ ඊයේ පෙරවරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී ආරම්භ වුනා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .
ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ඒකාබද්ධ කෙරෙන වේදිකාවක් ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයේ ගෝලීය සම්මේලනය කටයුතු කරනවා.
“ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යාපාර එක්සත් කරමින් – ඉදිරියට” යන තේමාවෙන් මෙම සමුළුව සංවිධානය කර තිබෙනවා.
හෙට දිනයේදීත් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, ඕස්ටේ්‍රලියාව, කැනඩාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 15ක ව්‍යාවසායකයෝ එක්ව සිටිනවා.
ගෝලීය වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම, නව ආයෝජන කැඳවා ගැනීම සහ ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් මෙරට ආර්ථිකයට සක්‍රීය ලෙස දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡා මණ්ඩපයක් සැකසීම මෙවර සමුළුවේදී සිදු කෙරෙනවා.
මේ වන විට, ශ්‍රී ලංකාව තුළ ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් මෙරටට පැමිණ නොබියව අයෝජනය කරන ලෙසයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවට අවධාරණය කළේ.
මෙහි ජාත්‍යන්තර කවුන්සිල නියෝජිතයන් හට සංකේතාත්මකව ඇගයීම් තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.