ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, අද (16) උදෑසන බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව ඇති බවයි.
අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි විමුක්ති මධුසංක නැවති තරුණයෙක් මෙසේ තුවාල ලබා තිබෙන අතර ඔහු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දැනට කටයුතු යොදමින් සිටින බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් වන චන්දිමා දිල්රුක්ෂි යන අය තුවාල ලබා තිබුණා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසා සිටියේ ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි.