ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මෑතකදී එක්වන ලද පුළුල් බඳ සහිත එයාර් බස් A330-200 ගුවන් යානය සිය මංගල වානිජ ගුවන් ගමන අද(21) සම්පූර්ණ කළා.
ඒ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සිට මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපොළෙ දක්වා පියාසර කරමින්.
ගුවන් යානය පස්වරු 1.48ට බන්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් පිටත්ව පස්වරු 2.23ට මාලේ වෙත ගොඩබෑ බවයි බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන ප්‍රධානී දීපාල් පෙරේරා මහතා කියා සිටියේ.
පසුගිය ජුනි 4 වැනිදා උදෑසන ශ්‍රී ලංකාව පැමිණි මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් නිෂ්පාදන කම්හලෙන් ලබාදී තිබුණා.
වානිජ සේවා කටයුතු සඳහා අවශ්‍ය අවසර ලබාදී ඇත්තේ නිල ලියාපදිංචිය ඇතුළු අත්‍යවශ්‍ය අන්තර්ජාතික ක්‍රියාපටිපාඩිය සම්පූර්ණ කිරීමෙන් පසුවයි.