ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම අතර පැවති දෙවන නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ජය පරාජයකින් තොරව අවසන් වුණා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 290 ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 294 ක් රැස් කළා.
අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 327 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ අනුව ලකුණු 324 ක ජයග්රාහි ඉලක්කයක් හිමි වූ අතර සිව් වන දිනය අවසන් වන විට දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් පමණයි.