ලෝක විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 98 වන ස්ථානයට පත්ව තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේදී ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ රැඳී සිටියා.
වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය මගින් රටවල් 41 කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකි වනවා.
මෙම ශ්‍රේණිගත කිරීම් අනුව පසුගිය වසරේදී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණියා.
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය සිංගප්පූරුව සතුව ඇති අතර, එමගින් රටවල් 193 කට වීසා රහිතව ගමන් කළ හැකියි.
දකුණු කොරියාව මෙම ශ්‍රේණිගතකිරීම්වල දෙවන ස්ථානයේ ද, ජපානය තෙවන ස්ථානයේද පසුවනවා.











