ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව මූලික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .
මෙම සාකච්ඡාව සදහා ලෝක බැංකුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයන්ද සහභාගී වී තිබුණා.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ආයතනික සහාය සහ විශේෂඥ උපදෙස් ලබා දීමටත් ලෝක බැංකු නියෝජිත පිරිස එකඟතාව පළ කළකර තිබෙනවා.
මෙහිදී රේගු ආඥා පනත සංශෝධනය කිරීම සම්බන්ධවද අදහස් හුවමාරු කර ගැනීම සිදු වුනා.