අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබෙනවා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව්.පී. සේනාධීර මතායි.
යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර යන මහතාගේ පත්වීම් කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.
එසේම හලාවත වැවිලි සමාගමේ සභාපති ලෙස චන්දන දිසානායක මහතා පත් කිරීමට ද උසස් තනතුරු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වුණා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













