ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බව ආසියානු රග්බි සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආසියානු රග්බි සම්මේලනය නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවයි ඒආ එහි සභාපති කයිස් අල් දලායි ප්‍රකාශ කර ඇත්තේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ආසියානු රග්බි සම්මේලනයයේ සභාපතිවරයා අතර හමුවක් ඩුබායිහි ආසියානු රග්බි සම්මේලන මූලස්ථානයේදී පැවැත්වුනා.
එහිදී සභාපතිවරයා විසින් මේ පිලිබඳ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා පනවා තිබු තහනම ඉවත් කිරීමට ආසියානු රග්බි සම්මේලනය පසුගියදා ගත් තීරණයට තම ප්‍රසාදය පළ කළ බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසුරුවා හැර එහි සභාපති ලෙස හිටපු රග්බි ක්‍රීඩකයෙකු සහ පරිපාලකයෙකු වන චූලා ධර්මදාස මහතා පත් වුණා.
ඔහුගේ සභාපතිත්වයෙන් ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා මීට පෙර කටයුතු කළා.