ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිල්හෙට් හීදී ආරම්භ වනවා.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය සදහා කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන්නේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු නොමැතිවයි.
අත්දැකීම් බහුල බංග්ලාදේශ මැදපෙල පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ද ආබාධයක් නිසා මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.
අවසන් වරට ශ්‍රී ලංකාව 2022 වසරේ දී බංග්ලාදේශයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියේ දී අසිත තරග දෙකකදී කඩුලු 13 ක් දවා ගැනීමට සමත් වුණා.
පළමු ටෙස්ට් තරගය සදහා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරන නමුත්, තණකොල සහිත තණතීරුවක් ලැබීමට නියමිතව ඇති බව ද සදහන්.
සිල්හෙට් ටෙස්ට් තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වීමේ අවධානමක් පවතින බවටයි කාළගුණ අනාවැකි පලව ඇත්තේ.
බංග්ලාදේශ කණ්ඩායම බංග්ලාදේශයේ දී මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ටෙස්ට් තරගයක් ජය ගෙන නැහැ. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 24 න් තරග 18 ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර, බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.
උණුසුම් පුවත්
- ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර හමුවක්
- 19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
- මන්ත්‍රී අර්චුනාව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග
- 18 වංගුව වසා දැමේ
- යුක්රේනයෙන් රැසියාවට ප්‍රහාර
- කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්, ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරු සඳහා නව පත්කිරීම්
- රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය
- පොළොන්නරුව මනම්පිටිය දුම්රිය නවතී