සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. අද පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුතු සංචිතයක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පෙරේදා ප්‍රකාශයට පත් කළා. මේ අනුව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මිලාන් රත්නායක ආබාධිත තත්ත්වයක් හේතුවෙන් එම ක්‍රීඩකයින් 18 දෙනාගේ සංචිතයට එක් කර නැහැ. මේ අතර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ අද තරගය සඳහා මේ වන විට ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරා ඇති බැවින් වේග පන්දු යවන්නන් තිදෙනෙකුද සමගින් තරග වැදීමට සැලසුම් කර ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ප්‍රකාශ කළේ නවක ක්‍රීඩක සොනාල් දිනූෂ හට අද බොහෝදුරට ටෙස්ට් වරම් හිමි වීමට අවස්ථාව පවතින බවයි.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














