ශ්‍රී ලංකා-බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර මෙම තරඟය තවත් ප්‍රබල ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙලෙස ආබාධ තත්ත්වයක් හේතුවෙන් අවසන් තරගය අහිමිව ගොස් ඇත්තේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසන්ටයි.
ඊයේ පැවති පුහුණු සැසියකදී ඔහු පාදයේ ආබාධයකට ලක්වී ඇති බව එරට ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අද පැවැත්වෙන තරඟය ක්‍රීඩා කිරිම සදහා ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැති බවට වෛද්‍යවරුන් පවසනවා .
ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක හට ද අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය අහිමි වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පෙරවරුවේ නිවේදනය කළා.
තරග තුනකින් සමන්විත ශ්‍රි ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය මේ වනවිට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර තීරණාත්මක අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට
- මැඩගස්කර ජනාධිපතිවරයා රජය විසුරුවා හරියි
- රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකුට තුවාල
- ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටෙයි
- අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් ජිවිතක්ෂයට පත්වූ පිරිස ඉහළට
- මාෆියා පවුලකට අයත් සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම
- හක්කා පටස් භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය
- හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට