2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.
ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 03.00 ට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
තරගාවලියේ මෙතෙක් කිසිදු තරගයක් ජයගෙන නොමැති ශ්‍රි ලංකා කණ්ඩායම ගෞරවය රැකගැනීම සඳහා, අනිවාර්ය ජයක් ලැබිය යුතු තරගයක් බවට මෙය පත්ව තිබෙනවා.
මේ වන විට එක් තරගයක් ජයගෙන සිටින බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
මේ අතර , එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.