සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය අද පැවැත්වෙනවා.
ඒ පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීයි.
මෙරට වේලාවෙන් පස්වරු 03.00 ට තරගය ආරම්භ වනු ඇති.
දෙරට අතර මේ දක්වා එක්දින තරග 157 ක් පවත්වා තිබෙනවා .
ඒ අතරින් තරග 93 ක ජය වාර්තා කිරීමට සමත්ව ඇත්තේ පාකිස්තාන කණ්ඩායමයි.
එහිදී ශ්‍රී ලංකාවට ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 59 ක් .
ලකුණු සම වීමෙන් එක තරගයක් අවසන්ව ඇති අතර විසදුමකින් තොරව තරග 04 ක් අත්හැර දමා තිබෙනවා.
දෙරට අතර අවසන් වරට එක්දින තරගයක් පැවැත්වුනේ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදියි .
එම තරගයෙන් කඩුලු 06 ක් ජයක් හිමි කර ගැනීමට පාකිස්තානය සමත් වුණා.











