පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද රාවල්පින්ඩිහිදී ආරම්භ වනවා.
සත්කාරක පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ මේ තරගාවලියට එක් වන අතර, තරගාවලිය ආරම්භ කරමින් අද පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පළමු තරගය පැවැත්වෙනු ඇති.
මේ තරගාවලිය ඊයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ තත්ත්වයක් හේතුවෙන් තරග කාලසටහන සංශෝධනය කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළා.
මේ තරගාවලියේදී සල්මන් අගා පාකිස්තානය පිල මෙහෙයවන අතර, සිකන්දර් රාසා සිම්බාබ්වේ පිලේ නායකයා ලෙස කටයුතු කරනවා.
තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.













