Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී

    ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී

    2026-01-07කියවීමට මිනිත්තු 3ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි.

    තරග තුනකින් සමන්විත තරගාවලියේ සියලූම තරග රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    වසරේ මුල්ම තරගාවලිය ලෙසින් මෙම තරගාවලය පැවැත්වෙන අතර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර මෙරටදී පැවැත්වෙන තරගාවලිය වන්නෙද ශ්‍රී ලංකා – පකිස්ථාන විස්සයි විස්ස තරගාවලියයි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් මෙහෙයවනු ලබන අතර පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෙහෙයවනු ලබන්නේ සල්මන් ආගා විසිනි.

    තරගාවලිය සඳහා සහභාගි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නම් කරනු ලැබුවා.

    ඒ නායකත්වය දසුන් ශානකට ලබාදෙමින් තවත් වෙනස්කම් රැසක් සමගිනි.

    හිටපු නායක චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ යන කී‍්‍රඩකයින්ද යළි සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

    එසේම මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගෙන නොසිටින 21 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රවීන් මැතිව්ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

    කෙසේ වෙතත් භානුක රාජපක්ෂ, පවන් රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත් සහ අසිත ප‍්‍රනාන්දු සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    පාකිස්තානු විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.

    පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක(නායක) ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ටෙ‍්‍රවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග.

    මේ අතර පකිස්තාන ක්‍රිකට් සංචිතයේද වෙනස්කම් කිහිපයක් සමගින් සංචිතය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

    උරහිසේ ආබාධයක් නිසා විවේකීව සිටි ෂඩාබ් ඛාන් ද යළි සංචිතයට කැඳවා තිබෙනවා.

    කෙසේ වෙතත් BBL තරගාවලිය සඳහා සහභාගිවීම හේතුවෙන් සහීන් ෂා අෆ්රිඩි, බාබර් අසාම්, මොහොමඞ් රිස්වාන්, හරිස් රවුෆ් සහ හසල් අලි යන ක්‍රීඩකයින් සංචිතයට නම් කර නැහැ.

    එසේම ක්‍රීඩකයෙකු සහ අර්ධ කාලීන පන්දු රකින්නෙකු වන කවාජා නෆේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුකින් යුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පළමු කැඳවීමක් ලබා තිබෙනවා.

    පකිස්තානු විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට මෙවර නායකත්වය ලබාදෙනු ලබන්නේ සල්මන් ආගා ය.

    කෙසේ වෙතත් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද පාකිස්තානු විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.

    එම ක්‍රීඩකයින් වන්නේ කවාජා නෆේ, අබ්රාර් අහමඞ්, මොහොමඞ් නවාස්, සහිබ්සාඩා ෆර්හාන් සහ උස්මාන් ඛාන්ය.

    ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තානු විස්සයි විස්ස සංචිතය මෙසේයි.

    Salman Agha (capt), Abdul Samad, Abrar Ahmed, Faheem Ashraf, Fakhar Zaman, Khawaja Nafay (wk), Mohammad Nawaz, Salman Mirza, Mohammad Wasim, Naseem Shah, Sahibzada Farhan (wk), Saim Ayub, Shadab Khan, Usman Khan (wk), Usman Tariq

    දෙරට අතර පැවැත්වෙන තරගාවලියේ දෙවන තරගය ජනවාරි මස 09දාත් තෙවන හා අවසන් තරගය ජනවාරි මස 11 වනදා රන්ගිරි දඹුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

     

     

    sl va pak
    පෙර පුව​තමූල්‍යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group