සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි.
තරග තුනකින් සමන්විත තරගාවලියේ සියලූම තරග රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
වසරේ මුල්ම තරගාවලිය ලෙසින් මෙම තරගාවලය පැවැත්වෙන අතර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර මෙරටදී පැවැත්වෙන තරගාවලිය වන්නෙද ශ්‍රී ලංකා – පකිස්ථාන විස්සයි විස්ස තරගාවලියයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් මෙහෙයවනු ලබන අතර පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මෙහෙයවනු ලබන්නේ සල්මන් ආගා විසිනි.
තරගාවලිය සඳහා සහභාගි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නම් කරනු ලැබුවා.
ඒ නායකත්වය දසුන් ශානකට ලබාදෙමින් තවත් වෙනස්කම් රැසක් සමගිනි.
හිටපු නායක චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ යන කී‍්‍රඩකයින්ද යළි සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.
එසේම මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගෙන නොසිටින 21 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක ට්‍රවීන් මැතිව්ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් භානුක රාජපක්ෂ, පවන් රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත් සහ අසිත ප‍්‍රනාන්දු සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පාකිස්තානු විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.
පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක(නායක) ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ටේරවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග.
මේ අතර පකිස්තාන ක්‍රිකට් සංචිතයේද වෙනස්කම් කිහිපයක් සමගින් සංචිතය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
උරහිසේ ආබාධයක් නිසා විවේකීව සිටි ෂඩාබ් ඛාන් ද යළි සංචිතයට කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත් BBL තරගාවලිය සඳහා සහභාගිවීම හේතුවෙන් සහීන් ෂා අෆ්රිඩි, බාබර් අසාම්, මොහොමඞ් රිස්වාන්, හරිස් රවුෆ් සහ හසල් අලි යන ක්‍රීඩකයින් සංචිතයට නම් කර නැහැ.
එසේම ක්‍රීඩකයෙකු සහ අර්ධ කාලීන පන්දු රකින්නෙකු වන කවාජා නෆේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුකින් යුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පළමු කැඳවීමක් ලබා තිබෙනවා.
පකිස්තානු විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට මෙවර නායකත්වය ලබාදෙනු ලබන්නේ සල්මන් ආගා ය.
කෙසේ වෙතත් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද පාකිස්තානු විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.
එම ක්‍රීඩකයින් වන්නේ කවාජා නෆේ, අබ්රාර් අහමඞ්, මොහොමඞ් නවාස්, සහිබ්සාඩා ෆර්හාන් සහ උස්මාන් ඛාන්ය.
ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තානු විස්සයි විස්ස සංචිතය මෙසේයි.
Salman Agha (capt), Abdul Samad, Abrar Ahmed, Faheem Ashraf, Fakhar Zaman, Khawaja Nafay (wk), Mohammad Nawaz, Salman Mirza, Mohammad Wasim, Naseem Shah, Sahibzada Farhan (wk), Saim Ayub, Shadab Khan, Usman Khan (wk), Usman Tariq
දෙරට අතර පැවැත්වෙන තරගාවලියේ දෙවන තරගය ජනවාරි මස 09දාත් තෙවන හා අවසන් තරගය ජනවාරි මස 11 වනදා රන්ගිරි දඹුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.












