ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1 ට ආරම්භ වීමට නියමිතයි.
දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී පැවැත්වෙන මෙම තරගයට ඊයේ වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
කාසියේ වාසිය ජගග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.
ඒ අනුව, ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 04ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80 ක්.
එහිදී ළහිරු කුමාර කඩුලු 02 ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවා ගත්තා.













