නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමත්ව තිබෙනවා.
ඒ අනුව මෙරට පන්දු යවන්නන් දෙදෙනෙකු විස්සයි විස්ස ක්‍රීඩක ශේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ.
මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානය බැඟින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ වනිඳු හසරංග සහ නුවන් තුෂාරයි.
ඒ අනුව විස්සයි විස්ස ක්‍රීඩක ශේණිගත කිරීම් වල වනිඳු හසරංග 05වන ස්ථානයේ සිට එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් සිව්වන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා .
එමෙන්ම මෙම ශ්‍රේණිගතකිරීම් වල නුවන් තුෂාර 07 ස්ථානයේ සිට 06වන ස්ථානය දක්වා ඉදීරියට පැමිනිමටයි සමත්ව ඇත්තේ .
මේ අතර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතර තවදුරටත් සිව්වන ස්ථානයේ පැතුම් නිශ්ශංක රැදී සිටින අතර කුසල් ජනිත් පෙරේරා 09 වන ස්ථානයේ රැදී සිටිනවා.
එමෙන්ම ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් අතර 10 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ද වනිදු හසරංග සමත්ව තිබීම විශේෂත්වයක් .
කලක් මෙම සටහනේ පෙරමුණේ පසුවූ මහීෂ් තීක්ෂණට නවතම ශ්‍රේණිගත කිරීම් අනුව හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.
ජාත්යතර ටෙස්ට් පිතිකරුවන් අතරද එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔහු එම සටහනේ 06 වන ස්ථානයේ රැදී සිටිනවා.
මිට අමතරව ටෙස්ට් කණ්ඩායම් ශේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව තව දුරටත් 06 වන ස්ථානයේ පසුවනවා .
එක්දින කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ හතර වන ස්ථානයයි.
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව තවදුරටත් 08 වන ස්ථානයේ රැදී සිටිනවා.











