ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 128ක් ලබාගැනීමට සමත් වූවා.
එහිදී ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41ක් ලබාගැනීමට සමත් වූවා.
කුසල් පෙරේරා ලකුණු 25ක්ද කමිල් මිෂාර ලකුණු 22ක්ද ලබාගැනීමට සමත් වූවා.
පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් මොහම්මඩ් නවාස් කඩුලු තුනක් දවාගැනීමට සමත් වූවා.
සල්මන් මිර්සා, ෆහීම් අස්රෆ් සහ අබ්රර් අහ්මඩ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගය ජයග්‍රහණය සඳහා පාකිස්තාන් කන්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 129ක් ලබාගත යුතු වනවා.











