කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිවුවන ස්ථානය සඳහා වන සටන ඉන්දියාව, නවසීලන්තය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
නවතම නිල ලකුණු සටහන අනුව, මෙම කණ්ඩායම් තුනම මේ වන විට ලකුණු 4 බැගින් ලබා සිටීම නිසා, ඉතිරි තරගවල ප්‍රතිඵල සහ දළ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) තීරණාත්මක වනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ.










