ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රැවෙන් ජේවියර් අසාර් සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න යන මහත්වරුන් අතර පැවති හමුවකදීයි.
එහිදී සංචාරක, කෘෂිකර්ම, විද්‍යා, ඩිජිටල් තාක්ෂණය, වෙළඳාම, ආයෝජන, වෛද්‍ය ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන අංශවල ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවී තිබෙනවා.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය දසවැනි පාර්ලිමේන්තුව පිහිටුවීමේ වැදගත්කම ද තානාපතිවරයා අවධාරණය කර ඇති බව සඳහන්.