ඉන්දුනීසියාව සමඟ සාකච්ඡා කරමින් පවතින වරණීය වෙළඳ ගිවිසුම ඉක්මණින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය සමග පැවති සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාව සමඟ ඉන්දුනීසියාව දිගු කලක් තිස්සේ පවත්වන මිත්‍ර සබඳතාව පිළිබඳව ද ප්‍රසාදය පළ කළ අමාත්‍යතුමා එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බවද අවධාරනය කර තිබෙනවා.
ඉන්දුනීසියාව අමුද්‍රව්‍ය සඳහා නිකල් ආදි ඛණිජ සම්පත් අපනයන කරන බව පෙන්වා දුන් තානාපතිවරිය ඛණිජ වැලි ආදිය අපනයනය කරනු ලබන රටවල්වල එකමුතුවක් ඇති කර ඛණිජ ද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන ලෙස සෙසු රටවලට අපනයනය කිරීම පිළිබඳව මෙහිදී යෝජනා කර තිබුණා.
ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් ද අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට ඉන්දුනීසියාව සමඟ එක් වී අවශ්‍ය තාක්ෂණය සහ උපකරණ ලබාගැනීමට ඉදිරි කාලයේ ද්විපාර්ෂවික සහයෝගීතාවයකට පැමිණීමට අමාත්‍ය විජිත හේරත් මහතා එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වුනේ.