එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
ඕමාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ නේපාල කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම පරාජයට පත් කරමින්.
එහිදී පැවති පළමු තරගයෙන් නේපාල කණ්ඩායම පරදා ලකුණු 101ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 339ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 238ක් පමණයි.
මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් ඇමරිකානු කණ්ඩායම පරදා කඩුළු 05ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇමරිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 211ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 2ක් අවසානයේ කඩුළු 05ක් පමණක් දැවී ලකුණ 214ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














