එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
ඕමාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ නේපාල කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම පරාජයට පත් කරමින්.
එහිදී පැවති පළමු තරගයෙන් නේපාල කණ්ඩායම පරදා ලකුණු 101ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 339ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 238ක් පමණයි.
මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් ඇමරිකානු කණ්ඩායම පරදා කඩුළු 05ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇමරිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 211ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 2ක් අවසානයේ කඩුළු 05ක් පමණක් දැවී ලකුණ 214ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
උණුසුම් පුවත්
- ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
- නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
- කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්













