2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර තිබෙනවා.
ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලොව සුන්දරම දූපත් 50 ට අදාල නවතම වාර්තාවට අනුවයි.
ඒම වාර්තාවන්ට අනුව පළමු ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
ලොව පුරා ගමනාන්ත ඇතුළත් මෙම ලැයිස්තුව, 2025 දී ගවේෂණය කිරීමට ඇති සුවිශේෂී දූපත් අත්දැකීම් සහ ආකර්ෂණීය ස්ථාන පිළිබදව අවධානය යොමු කර තිබෙනවා.
මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵල, Big 7 Travel කතුවැකි කණ්ඩායමේ දායකත්වය, සමාජ මාධ්‍යවල ලෝකයේ සංචාරක ගමනාන්තවල ජනප්‍රියත්වය සහ 2025 දී සංචාරකයන්ගේ අවධානය දිනා ගන්නා ගමනාන්ත මත පදනම් වූ කරැණු අනුවයි.