ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුනු 06 ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
මෙහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව තීරණය කලේ පළමුව පන්දු යැවීමටයි
ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 299ක් රැස් කළා.
පාකිස්ථානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සල්මන් අලි අගා ලකුණු 105ක් රැස් කළ අතර හුසේන් තලාත් රැස් කල ලකුණු සංඛ්‍යාව 62ක් .
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංහ ලකුණු 54කට කඩුළු 3ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 64කට එක් කඩුල්ලක් දවා ගත්තා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 292ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 29ක්, කමිල් මිශාර ලකුණු 38ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 39ක් රැස් කළා.
තරගයේ අවසන් භාගයේ හුදෙකලා සටනක නිරත වූ වනිඳු හසරංග ලකුණු 59යි.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන්, හරිස් රවුෆ් කඩුළු 04ක් දවාගත්තා.













