“ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහන යටතේ මෙරටට අවශ්‍ය සියලු සහාය ලබා දීමටත්, චීනය සතු අත්දැකීම් බෙදා ගැනීමටත් සූදානම් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභික සහ ෂිසාං ස්වයං පාලන කලාපයේ පක්ෂ ලේකම් වං ජුන්චෙන් ප්‍රකාශ කරනවා.
චීන දූත පිරිසක් සමග මෙරට සංචාරයක නිරත වන වං ජුන්චෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආපදා තත්ත්වයෙන් පසු චීනය ලබා දුන් හදිසි මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කර තිබුණා.
පවතින දුෂ්කර කාලසීමාව තුළ චීනය දක්වන අඛණ්ඩ සහාය දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
එහිදී “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහන යටතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ රට යළි ගොඩනැගීමේ සැළසුම් පිළිබඳව ජනාධිපතිවරයා චීන දූත පිරිස දැනුවත් කළා.













