ශ්‍රී ලංකාව විසින් සිදු කරන අපනයන සඳහා සියයට 30 ක අනෝන්‍ය තීරු බදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවන් ඊයේ රාත්‍රියේදී ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා තිබුණා. අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය සියයට 44 ක්. මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වෙළෙඳ ගනු දෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් ඊයේ දිනයේදී තවත් රටවල් හතක් වෙත ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව ලිපි නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද සියයට 30 ක තීරු බදු පනවා තිබෙනවා. කෙසේ වෙතත් බෲනායි සහ මෝල්ඩෝවා සඳහා සියයට 25 ක් ලෙසත්, පිලිපීනය සඳහා සියයට 20 ක් ලෙසත් තීරු බදු පනවා තිබෙනවා.
උණුසුම් පුවත්
- ටෙලිෆෝන් කණුවල කේබල් කපලා මාට්ටුවෙයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි













