ස්ටාර්ලින්ක් (Starlink) සේවාවන් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේවන විට සම්පූර්ණ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ස්ටාර්ලින්ක් වෙතින් ලබාදීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard) ලැබීමෙන් පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.
සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක්වෙමින් නියොජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරුන් එක්වූවා.