ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා.
හෙතෙම මේ බව පැවසුවේ අද පෙරවරුවේ බෙයිජිංහි මහජන මහාශාලාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අවස්ථාවේ දීයි.
චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම, කලක සිට පැවතින්නක් අතර, සාම සහජීවන පංචශීලී ප්‍රතිපත්තිය මත පදනම් කර ගනිමින් දෙරට ද්විපාර්වික සබඳතා අඛණ්ඩ ව වර්ධනය කර ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසුවා.
මෙමගින්, වෙනස් රටවල් අතර, මිත්‍රශීලී හැසිරීම හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත සහයෝගිතා පැවැත්වීමේ ආදර්ශයක් නිර්මාණය කර තිබෙනවා.
සිය අසල්වැසි රටවල් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ චීනය ශ්‍රී ලංකාවට සැමවිට ම ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව සමග එක්ව, සාම්ප්‍රදායික මිත්‍රත්වය මෙන්ම් සහයෝගිතා තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාව පොදුවේ ගොඩනැංවීමටත් දෙරටේ ජනතාවට වඩාත් සුබසෙත සැලසීමටත් චීනය සූදානම් බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා.
මේ අතර, සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන ශ්‍රී ලංකාවට චීනය සහාය දක්වන බව ද ඔහු කියා සිටියා.