“අපි තිරසාර සංචාරක ගමනට එක් වෙමු.” සීරිගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම තිරසාර සංචාරක ගමනාන්තය ලෙස පිළිගැනීමේ උත්සවය කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා , UNDP ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය , ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකාෆුමි කඩානෝ මහතා , SLTDA සහ SLTPB සභාපති බුද්ධික හේවාවසම් ,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වුණා.
මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන් හ සහයෝගය ලබාදුන් පිරිස සමරු තිළිණ පිරිනැමීම සහ අධ්‍යක්ෂවරුන්ට ඇගයීමේ සහතික පිරිනැමීම සම්භාවනීය ආරාධිත අමුත්තන් අතින් සිදුවුණා.
” සීගිරිය ” ශ්‍රී ලංකාව තිරසාර සංචාරක ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සීගිරිය තිරසාර සංචාරක ව්‍යාපාරය සඳහා වන ගෝලීය ව්‍යාපාරයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගනිමින් සිටින අතර, ප්‍රධාන මුලපිරීම් කිහිපයක් දැන් තීරණාත්මක සන්ධිස්ථාන කරා ළඟා වෙමින් පවතිනවා.
මෙම උත්සාහයන් දිවයිනේ ස්වාභාවික හා සංස්කෘතික සම්පත් ආරක්ෂා කිරීමට , බලශක්තිය සහ සම්පත් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ දේශීය ප්‍රජාවන්ට සැබෑ ප්‍රතිලාභ ලබා දීමට උපකාරී වනවා.