ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශේණියSD$SD මට්ටමේ සිටCCC¬$C දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings ආයතනය විසින්
ස්වෛරී බැඳුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය පසුගිය වකවානුවේ දී සාර්ථක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පසු Fitch Ratings iy Moodyzs සහ Moodyzsයන ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ ආයතන දෙක ශ්‍රී ලංකාවේ ණය ශේණිය ඉහළ නංවා තිබුණා.
කෙසේ වෙතත් S&P Global Ratings ආයතනය එසේ ශ්‍රී ලංකාවේ ණය ශේණිය ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ නැහැ.
ඒ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒ දක්වා ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම ආයනය පවසන්නේ, 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවයි.
ඇතැම් සාර්ව ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවති මට්ටම් ඉක්මවා යාමට මේ වන විටත් සමත්වී ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
තවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රජයේ සහතික කළ බැඳුම්කර ඇතුළුව, තවමත් පැහැර හැර ඇති වාණිජ ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටියද, කාලය ගෙවී යාම මත පදනම්ව, වත්මන් තත්වයන් යටතේ තවදුරටත් විසඳුමක් ලබා ගැනීමට නොහැකි බව විශ්වාස කරන බවද ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිනවා.