අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ. ස්චල්ක් යන මහත්වරුන් අතර හමුවක් අද සිදුවුණා.
අධිකරණ අමාත්‍යංශයේදියි පවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් විධිමත්ව නිදහස් කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මෙරට නීති පද්ධතිය ශක්තිමත් කිරීම සදහා පසුගිය මාස කිහිපය තුළ පනත් 17 ක් සම්මත කර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ තවත් පනත් කිහිපයක් සම්මත කර ගැනීමට නියමිත බවත්, සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු සදහා දකුණු අප්‍රිකානු රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත් මෙහිදී අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයට ප්‍රකාශ කර තිබෙනවා.