ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා.
මෙම හමුව අතරතුරදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
බුදුදහම ඔස්සේ දෙරට විසින් උකහා ගත් සංස්කෘතික හා ආගමික උරුමයන්හි වැදගත්කම පිළිබදවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
තායිලන්තය විසින් මෙරටට අඛණ්ඩව ලබා දෙන සහයෝගයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කර ඇති බවයි වාර්තා වුනේ.
ශ්‍රී ලංකාව වර්තමානයේ විශේෂයෙන් කෘෂිකර්මය, කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උත්සාහ කරන බව කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව යටතේ සැලසුම් කර ඇති ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව පයිටූන් මහපන්නපෝර්න් මහතා කථානායකවරයාට පැහැදිලි තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිලිබදවද තානාපතිවරයා කරුණු දක්වා තිබුණා.
සංස්කෘතික හුවමාරුව, සංචාරක ප්‍රවර්ධනය, වෙළඳ හවුල්කාරිත්වයන් සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහිද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබුණා.