පසුගිය දශක තුන තුළ ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන අංශය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
ශ්‍රීලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික කාබනික පාලන ඒකකය (NOCU) විසින්, ITC-UK වෙළඳ හවුල්කාරිත්ව වැඩසටහන සමග එක්ව, ශ්‍රී ලංකාවේ ජාතික කාබනික කෘෂිකාර්මික පද්ධතියේ නීතිමය රාමුවේ යෝජිත වෙනස්කම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද දින කොළඹදී (Ramada Hotel ) පැවැත්වුණා.
ගෝලීය කාබනික වෙළඳපොළ තුළ විශ්වාස දායක අපනයනකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත කර ඇති අතර සැලකිය යුතු විදේශ විනිමය ඉපැයිමක් ළඟා කරගෙන තිබෙනවා.
වර්තමානය වන විට ගෝලීය කාබනික වෙළඳපොළ දළ වශයෙන්යුරෝ බිලියන 136.4ක් ලෙස තක්සේරු කළා.
ශ්‍රී ලංකාව කාබනික නිෂ්පාදන අපනයනයෙන වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 0.5 කට වඩා උපයයි.
මෙම අංශය සහතික කළ කාබනික අපනයනකරුවන් 400කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකා කාබනික ප්‍රමිතිය, EU කාබනික, USDA කාබනික, JAS, Demeter සහNaturland ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් කාබනික ප්‍රමිතීන් ගණනාවක් යටතේ ක්‍රියාත්මකයි.
මෙම සහතික කිරීම එක්ව කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර 70,000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරන අතර, ගොවීන් 20,000 කට අධික සංඛ්‍යාවක් අපනයනකරුවන් සහ සැකසුම්කරුවන් හරහා ගොවි කණ්ඩායම්, කාබනික නිෂ්පාදකයින් සහතික කළා.
1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත 29 වන වගන්තිය යටතේ ජූලි 11 දින අංක 1870/71 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි වලට අනුකුලව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ජාතික කාබනික පාලන ඒකකය (NOCU) ස්ථාපිත කර තිබෙනවා.










