2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ 2025 වසරේ මුල් මාස පහ තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 ක් බවයි.
එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 7.14% ක වර්ධනයක් බව ඔහු තවදුරටත් සඳහන් කළා.
“2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,386.66 ක් වනවා.
මෙය 2024 මැයි මාසයට සාපේක්ෂව 6.35% ක වාර්ෂික වර්ධනයක් බවයි වාර්තා වන්නේ.
2025 මැයි මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව සියයට 1.70% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,028.52 ක් දක්වා ළඟා වී තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත වලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සදහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වනවා.
2025 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 5,344.23 කින් ඉහළ ගොස් තිබෙනවා.
එය 2024 වර්ශයට සාපේක්ෂව සියයට 5.46% ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- මෙරට රන් මිල යළි ඉහළට
- අනුරපුර වෛද්‍යවරියක් දූෂණ සිද්ධියේ සැකකරු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට
- ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට
- අණ නොතකා ගිය මෝටර් රථයට පොලිසියෙන් වෙඩි
- T56 උණ්ඩ 20ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් නිවේදනයක්
- සූකර උණ රෝගය පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
- ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්