ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලබාගැනීමට සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
එහිදී මොහොමඩ් නබි ලකුණු 60ක් ලබාගැනීමට සමත්වූයේ දැවැන් හයේ පහරවල් හයක් සහ හතරේ පහරවල් තුනක් සමගින්.
ඊබ්‍රහිම් සඩ්රාන් සහ නායක රෂීඩ් කාන් ලකුණු 24 බැගින් ලබාගැනීමට සමත්වූවා.
රරරරර ලකුණු 18ක් ලබාගත් අතර රහ්මනුල්ලා ගුර්බස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 14ක් පමණයි.
සෙසු ක්‍රීඩකයින් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු හතරක් දවා ගත් අතර ඔහු වැය පන්දුවාර 4දී ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 18ක් පමණයි.
දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
කෙසේ වෙතත් දුනිත් වෙල්ලාලගේ අවසන් පන්දුවාර දෙකේදී දැඩි ප්‍රහාරයට ලක් වූයේ නබි විසින් එල්ල කරන ලද හයේ පහර හේතුවෙන්.
තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී ලකුණු 170ක් ලබාගත යුතු වනවා.
තරගය රාත්‍රී තරගයක් ලෙසින් අබුඩාබිහිදී දැන් පැවැත්වෙනවා.