Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් – එක් දින තරගාවලිය සම වෙයි

    ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් – එක් දින තරගාවලිය සම වෙයි

    2022-12-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චරිත් අසලංකගේ විශිෂ්ඨ ඉනිම හා දුනිත් වෙල්ලාලගේගේ සටන්කාමී ඉනිම හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් නිමා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

    තෙවැනි තරගය ජය ගැනීම සදහා ලකුණු 314 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදී.

    ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක සමත් වුණේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 101 ක සබඳතාවයක් ගොඩ නගමින්.

    මෙන්ඩිස් ලකුණු 67 කට දැවී ගිය අතර, පැතුම් ලකුණු 35 කට දැවී ගියා.

    දිනේෂ් චන්දිමාල් ලකුණු 33යි.

    නායක දසුන් ශානක පන්දු 44 කින් ලකුණු 43 ක් ලබා සිටියදී දවා ගැනීමට රෂීඩ් ඛාන් සමත් වුණා.

    කෙසේ වෙතත්, අනෙක් අන්තයෙන් පාදයේ ආබාධයක් ද සහිතව පිතිකරණයේ නිරත වූ චරිත් අසලංක සිය කඩුල්ල අවසන් මොහොත දක්වා රැක ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ තරගයේ අවසන් පන්දුවාරයේ 4 වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින්.

    පන්දු 72 කින් චරිත් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 83 ක්.

    හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

    ඔහුට අනගි සහායක් ලබා දුන් දුනිත් වෙල්ලාලගේ පන්දු 21 කින් නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තා.

    ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල සදහා ගොඩනැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 65 ක්.

    මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්රීදානගනයේ පැවති එක දින තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්වුනා.

    ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඉබ්‍රාහිම් සඩ්රාන් ලකුණු 162ක් රැස්කළා.

    ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 15ක් ඇතුළත්.

    නජිබුල්ලා සඩ්රාන් පන්දු 76කදී ලකුණු 77ක් රැස්කළේ හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින්.

    වනිඳු සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වුනා.

    ඒ අනුව සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සම්න්විත තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් වුණා.

    පෙර පුව​තබස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය -තියටර් සෙවන් වෙළඳ පොළ
    ඊළඟ පුව​ත ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group