රියාද් සිට කොළඹ බලා පැමිණි UL266 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකදී, ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට පහර දුන් බව කියන සෞදි අරාබි ජාතික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට සූදානම් වෙමින් තිබූ අවස්ථාවේදී, සියලු මගීන් ආසන පටි පැළඳ අසුන් ගෙන සිටීම අනිවාර්යවන ආරක්ෂක රෙගුලාසි කඩ කරමින් සැකකරු වැසිකිළිය වෙත යාමට උත්සාහ කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙම අවස්ථාවේදී ගුවන් කාර්ය මණ්ඩලය මේ සදහා මැදිහත් වී තිබෙනවා
එහිදී මගියා ආක්‍රමණශීලී වී ඔවුන් සමග ගැටුමක් ඇති කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ගුවන් තොටුපළ පොලිසිය තහවුරු කළේ, අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.













