ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගමේ සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ විමර්ශන කමිටුව හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකටද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහිදී, අදාළ ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවීම හේතුවෙන් එම ආයතන විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මෙම සිදුවීම් පිළිබඳ ඉදිරිපත්ව ඇති සියලු කරුණු අධ්‍යයනය කරමින් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ කමිටුවට දැනුම් දී ඇත්තේ.